භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

භාවනාව දියුණුකර ගැනීමට උපදෙස් II



 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  







කෙනෙකුගේ චරිත ස්වභාවය අනුව භාවනාවේ දී සිතට නැඟෙන කෙලෙස් සිතුවිළි නිසා සමාධියට බාදාවක් ඇති වෙයි නම් එම බාදාවන් මැඩපැවැත්වීමට ඒ ඒ චරිතයන්ට අනුව මූලික භාවනාවකින් එම කෙලෙස් යටපත් කර සමාධිය පිහිටුවා ගැනීමට උත්සාහ විය යුතුය. උදාහරණයක් ලෙස රාග චරිතයකට පිළිකුල් භාවනාවකින් මූලිකව රාග සිතුවිළි මැඩපැවැත්වීම.

ඇතැම් කෙනෙකුට කොතරම් උත්සාහ කලත් භාවනාවෙන් සමාධිය පිහිටුවා ගැනීමට නොහැකි විය හැකියි. එසේවන්නේ එම තැනැත්තා විසින් භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේට හෝ  ආර්යන් වහන්සේලාට සිතින්, කයින්, වචනයෙන් අකුසලයක් සිදුකර ඇති නිසා විය හැක. එවැනි විටක සිත්තැවුලට පත් නොවී එම උතුමන්ගෙන් සමාව ලබා ගැනීමට කටයුතු කළ යුතුවේ. එසේ අකුසලය සිදුකරන්නට යෙදුනේ ආර්යන්වහන්සේකෙනෙකුට නම් උන්වහන්සේ ජීවත්ව සිටීනම් එම උතුමන් වෙත ගොස් සමාව ලබාගතයුතුවේ. ජීවත්ව නොසිටීනම් තෙරැණුවන්ගෙන් දවසකට තුන්වරක් බැගින් සමාධිය ඇතිවනතුරැ උදේ, දවල්, සවස සමාව ලබාගැනීම සිදුකළ යුතු වේ.


ආර්යමඟ යන සියුළු පින්වතුන්ට ඉතා වැදගත් අවවාදයකි*
භාවනාවට සුදුසු පරිසරය සිත තුළ ගොඩ නැගීම
හිස ගිනිගත් පරිද්දෙන්...
භාවනාවට උපදෙස් 
භාවනාවේ දී මුලානොවන්න 1 - 2 - 3
භාවනාවට උපදෙස්



free counters