භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

ආනාපාන සති භාවනාව

ආනාපානසති භාවනාව හරහා විදර්ශනාවට 


ආනාපානසති භාවනාව මුලින්ම සමථ භාවනාවක් ලෙස ප්‍රගුණ කර, ඉන් අනතුරුව එය විදර්ශනා භාවනාක් ලෙස ප්‍රගුණ කරන ආකාරය මෙම ලිපියෙන් සරලව පැහැදිළි කෙරේ.
හුස්ම ගැනීම හෙලිම, පිම්බීම, හැකිලීම පිළිබඳව සිහිය පිහිටුවා සිටීම ආනාපාන සති භාවනාවේ මුලිකම අදියරයි. කෙනෙකු හුස්ම ගැනීම හෙළිම මෙනෙහි කරන්නේ නම් තම සිත ගැටෙන ස්ථානය නාසය ලෙස හදුනාගැනේ. කෙනෙක් පිම්බීම හැකිළීම මෙනෙහි කරන්නේ නම් තම සිත ගැටෙන ස්ථානය උදරය හෝ පපුව ලෙස හදුනා ගනි.
ප්‍රථමයෙන් යහපත් වීර්යයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව භාවනාව ආරම්භ කරන යෝගියා, ක්‍රමාණුකූලව ස්වභාවිකව ආශ්වාස ප්‍රාශ්වාස සිදුවනතාක්කල් භාවනාව ප්‍රගුණ කරයි. එහිදි කිසිදු උත්සාහයකින් තොරව ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්ත තුළ අඛණ්ඩව සිහිය පිහිටුවීමට හැකිවේ. එසේ අඛණ්ඩව තම සිහිය පිහිටුවීමට හැකිවන තෙක් ඉහත පරිදි ආනාපානසති භාවනාව ප්‍රගුණ කළ යුතුය.
ඉන් අනතුරුව ‘පිම්බීම-හැකිළීම’ හෝ ‘ඇතුල්වීම-පිටවීම’ තම කර්මස්ථානය ලෙස මෙනෙහි කරන්නා එම මෙනෙහි කිරීම නතර කර, ‘පිම්බීම-හැකිළීම’හෝ ‘ඇතුල්වීම-පිටවීම’ දෙස සිහියෙන් බලා සිටීමට පුරුදුවිය යුතුය.
මෙහිදි සියුම් සුළං රැල්ලක් ශරීරයට ඇතුල්වන බවත්, පිටවන බවත් හොඳීන් දැනේ. එනම්, වායෝ ධාතුවත්, කායප්‍රසාදයත්, විඥානයත් තුනම එකට බැඳුණු අවස්ථාවකට යෝගියා පත්වේ.
තවදුරටත් ආනාපාන සති භාවනාව වඩන විට සියුම් සුළං රැල්ලක් කිසියම් ස්ථානයක සියුම්ව ගැටෙන බව නැතහොත් ස්පර්ශ වන බව සංවේදි වේ. තම ශරීරය පිළිබඳව කිසිම නිමිත්තක් හට නොගන්නා තත්වයකට ද යෝගියා පත්වේ.

සුළං රැල්ලත් (වායෝ ධාතුවත්), එම සුළං රැල්ල නිමිති කර ගත් සිතුවිල්ලත් (විඥානයත්) පමණක් පවතින බවට හැගේ. මෙම සමාධි තත්වය ඉතා දියුණු තත්වයක් නිසා, එය අඛණ්ඩව දිනපතා ප්‍රගුණ කර ස්ථාවර තත්වයකට පත්කර ගත යුතුය.
ඉන් අනතුරුව සමාධිගත වු මනස ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා යොමු කළ යුතුය. සත්‍ය සත්‍යාකාරයෙන් අවබොධකර ගැනීමේ හැකියාව ප්‍රඥාව ලෙස සරලව දැක්විය හැක. ‘මම සත්‍ය අවබෝධකර ගනිමි .....’ යනුවෙන් දැඩි අධිෂ්ඨානයක් සිදු කරන්න. ඉන්පසු ඔබට සංවේදි වන සුළං රැල්ල නමැති නිමිත්ත හෙවත් සංඥාව දෙසට සමාධිගත මනස යොමු කරන්න. මෙහිදි ඔබට ශ්‍රී සද්ධර්මයේ පළමු ධර්මතාවය අවබෝධ වේ.
එනම් සුළං රැල්ලේ වෙනස් වීමයි. එකම සුළං රැල්ලක් තමාට නිමිති වන්නේ එකම එක සැරයක් බවත් ඉන්පසුව සංවේදි වන සුළං රැල්ල තවත් අලුත් සුළං රැල්ලක් බවත් අවබෝධ වේ. නාසයෙන් ඇතුල් වන සුළං රැල්ල නාසයෙන් එළියට පැමිණෙන විට එය වෙනස් වී ඇති බවත් අවබෝධ වේ.
මෙම අවබෝධය හරහා එක සුළං රැල්ලක් ශරීරයට ඇතුල් වන විට ක්ෂණික ඉපදීමක් සිදුවන බවත්, පිටවන විට ක්ෂණික මරණක් සිදුවන බවත් අවබෝධ වේ. මෙසේ සුළං රැල්ලේ වෙනස්වීම හෙවත් අනිත්‍යභාවය නිමිති කර ගනිමින්, සුළං රැල්ලක ඇතිවීම, පැවතීම, නැතිවීම සංවේදි වන පරිදි ආනාපානසති භාවනාව වැඩිය යුතුය.
මෙය අනාපානසති භාවනාවේ අවසානය නොවේ. තවදුරටත් දියුණු කළ හැක. නමුත් පොත් පත් හෝ මෙවැනි ලිපි පරීශීලනයෙන් කොතරම් දුරට භාවනාව වැඩීම සිදුකළ හැකිද යන්න ගැටළු සහගතය. එමෙන්ම දවස් කිහිපයක් හෝ සති කිහිපයක් පමණක් බවුන් වඩා මෙවැනි දියුණු සමාධි තත්වයකට පත්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එමනිසා නොසැලෙන අධිෂ්ඨාන ගුණයත්, නොපසුබට වීර්යත් යෝගියෙකු හට මහත්ඵල මහානිසංස ලැබීමට අත්‍යාවශ්‍යම ගුණාංගයන්ය.
එම ගුණාංගයන් සමඟ තවදුරටත් ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමේදි සුළං රැල්ල (වායෝ ධාතුව) හෙවත් භාවනා නිමිත්ත අභිබවා සිතුවිල්ල (විඥානය) වඩා හොදින් සංවේදි වන්නට පටන් ගනි. ඒ අනුව සිතුවිල්ල තුළ පවතින සිතුවිල්ලේ හට ගැනීම, පැවතීම, නැතිවීම පිළිබඳව අවබෝධය (ඥානය) පහළ වී ශ්‍රී සද්ධර්මය යථාභූත ඥානයෙන් අවබෝධ වන්නට පටන් ගනි.

තෙරුවන් සරණයි!

බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානය -
මීගමවත්ත, වත්තේගම - මහනුවර

ආනාපාන සති භාවනාව*

ධ්‍යාන වශිතාව




කියවීමට පොත මත ක්ලික් කරන්න

BTmode







free counters