භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

Sinhala Bawana Dharma Deshana




භාවනාව සඳහා කැමති යෝගීන් වෙනුවෙන් සවිස්තර ධර්ම කරැණු

භාවනාවට පෙර..... පූර්ව කෘත්‍ය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස !!!


මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා!
මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා!
මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා!
මාගේ ජීවිතය කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා!

මාගේ තිදොරින් සිදු වූ සියළු පමා වරදට
බුද්ධ රත්නය ද ධර්ම රත්නය ද සංඝ රත්නය ද
ආර්යන් වහන්සේලා ද
දෙමව්පියන් ද ගුරැ උතුමන් ද කල්‍යාණ මිත්‍රයන් ද
මට සමාවන සේක්වා!

මම නිදුක් වෙමි. නිරෝගි වෙමි. සුවපත් වෙමි.
මා මෙන්
සියළු සත්වයෝ ද සියළු දෙවියෝ ද
නිදුක් වෙත්වා!
නීරෝග වෙත්වා!
සුවපත් වෙත්වා!

මාගේ මෙම ශරීරය
පිළිකුල් ශරීරයකි. අසුභ ශරීරයකි. අසාර ශරීරයකි.
මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි.

මෙම ඒකායන භාවනා මාර්ගය
මාර්ගඵල නිර්වානාවබෝධය පිණිස ම
හේතු වේවා! වාසනා වේවා!

සාදු! සාදු! සාදු!




Share this page


MP3 / 1 / 2 / 3 / 4 /


free counters