භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

භාවනාව දියුණුකර ගැනීමට උපදෙස් I



 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  


කවර භාවනාවක් වැඩීමේ දී වුව පහත කරැණු වැදගත් වේ



* භාවනාව සඳහා යොමුවන ආධුනික යෝගියා මෙම දහම් දෙසුම අවසානයතෙක් සාවධානව සවන් යොමා වටහා ගන්න.  දහම් දෙසුම

සීලය

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු.


1. භාවනාවේ දී රිදුම් වේදනාවන් ඇතිවන විට මදවේලාවක් ඒ ගැන මෙනෙහි කිරීමෙන් එය මැකී යයි.
2. වරින් වර ඇතිවන අලසකම, සැකය, ප්‍රතිඵල පමාවීම ගැන කලකිරීම උත්සාහයෙන් දුරැකල යුතුය.
3. කිසිවිට අන් අය හා ඒ ගැන කතා නොකල යුතුය.

සමාධිය ලබාගැනීම

1. සමාධිය වැඩිය යුතු වනුනේ ඒ පිළිබද වටිනාකම වටහාගෙන ඊට ගෞරවයක් ඇතිවය.
2. සමාධිය ලබාගැනීම සඳහා වීර්යත් අධිෂ්ඨානයත් උත්සාහයත් තිබිය යුතු වේ.
3. වෙනත් අයට සමාජයට පෙණෙන්න අන්‍යයන්ගේ අවධානය පිණිස කටයුත නොකල යුතුය.
4. වැරදි පුරැදු අත්හැරීම. යහපත් පුරැදු එකතු කරගැනීම කළ යුතුය.
5. සෑම විටම සිහියෙන් විවේකයෙන් කටයුතු කිරීම කළ යුතුය.
6. සමාධිය වැඩෙන විට සාමාන්‍ය අවස්ථාවේ දී නැති සියුම් කටුවකින් අනින සේ දැනීම්, කුහුඹුවන් වැනි කුඩා සතුන් ඇගේ දුවනවා සේ දැනීම් ඇති වේ. එවැනි විටක මදවේලාවක් ඒ ගැන මෙනෙහි කිරීමෙන් එය මැකී යයි.
7. ශරීරයේ ස්වභාවයෙන් ම ඉතා කුඩා වේදනා ඇත. එවන් වේදනා සාමාන්‍ය අවස්ථාවේ දී නොදැනුනද භාවනාවේ දී දැණෙන්නට පටන් ගනී. භාවනාව නැවත් වූ විට එම වේදනා නැතිව යයි. මේ නිසා එම වෙදනා නොතකා භාවනාව දිගටම කරගෙන යා යුතුය. එම වේදනාව ඇති ස්ථානයට මද වෙලාවක් සිත යොමුකල විට එය මැකී යයි.
8. ඇතැම් විටක කය විසින් ඔබ අමතා දැන් ඇති. දැන් භාවනාවෙන් නැගිටින්නටයි කියනු ඔබට දැණෙනු ඇත. තවත් විටක ඔබේ දැඩි අධිෂ්ධානය ඔබ අමතා නොනැගිටින්නැයි ද කියනු ඇත. ඔබේ අධිෂ්ධානය කයේ විධානය ඉක්මවා යන්න තරමට බලවත් කරගෙන සිටිය හැකිනම් ටික වෙලාවකින් කයෙන් කෙරෙණ එම විධානයන් මැකී යනු ඇත. එවිට බොහෝ වෙලාවක් වැඩි අපහසුතාවයක් නැතිව භාවනාවේ නිරත විය හැකි වේ. නමුත් විටින් විට කයෙන් පැමිණිය හැකි පෙර විධානයන් නොසලකා හරින්න.
9. අමනුස්ස බලපෑමක් නිසා ඔබට භාවනා කිරීමට අපහසුතාවයක් ඇතිවී ඇත්නම් ඒ සඳහා විසඳුම - මහා සෑය වටා  (රැවන්මැලි මහා සෑය) ප්‍රදක්ෂිණා කර තුන්වරක් ඉතිපිසෝ ගාථාව කියා තෙරැවණට තම ජීවිතය පූජා කරන්න.


සමාධිය වැඩෙන විට

ඇතැම් විටක සත්‍ය වශයෙන් තමන් ඉදිරියේ ඇතුවාක් මෙන් විවිධ රෑප පෙණෙන්නට වුවහොත් ඒ කිසිවකින් භිය නොවීමටත් එවන් දර්ශනවලින් වශීකෘත නොවීමටත් තමන් කරන භාවනාව ඒ ගැන නොතකා කරගෙන යෑමටත් උත්සුක විය යුතු.


ලබාත් සමාධිය රැකගැනීම

1. යෝගියා තමන් භාවනාවෙන් ලබාගන්නා වූ ප්‍රතිඵල තැන තැන නොකිය යුතුයි.
2. එයින් උදම් විය යුතු නොවේ.
3. භවනාවට බාදා වන කතා හැසිරීම් ආදියෙන් හැකිතාක් වැලකිය යුතුය.
4. සමාධිය රැකගැනීමට ධෛරය ගත යුතු වුව ද ඒ ධෛරය ගැන වෙනත් අයට නොකිය යුතුයි.




Share this page


free counters