භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

සමථ, විදර්ශනා හඳුනා ගනිමු


ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සෑම කෙනෙකුට ම එක සමානව සමථය විදර්ශනාව දෙක ම එකට වැඩෙනවා කියන කාරණාව කියන්නට බෑ. කෙනෙකුට සමථය වැඩෙන්නට පුළුවන්. තව කෙනෙකුට විදර්ශනාව වැඩෙන්නට පුළුවන්. කෙනෙකුට සමථයත් විදර්ශනාවත් දෙක ම වැඩෙන්නට පුළුවන්. හැබැයි යම් කෙනෙකුට සමථය වැඩෙනවා නම්, එයා තේරුම් ගත යුතුයි මට සමථය වැඩෙනවා කියලා. එතකොට එයා ඒ සමථය හොඳින් දියුණුකර ගෙන, සමථයේ පිහිටලා විදර්ශනාවට හරවා ගන්නට ඕනෑ. ඊළඟට තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට විදර්ශනාව වැඩෙනවා. සමථය වැඩෙන්නේ නෑ. එයා ඒ විදර්ශනාව හොඳින් දියුණු කරගෙන විදර්ශනාවේ පිහිටල සමථයට හරව ගන්ට ඕනෑ.

තව කෙනෙක් ඉන්ට පුළුවන් එයාට සමථයත් වැඩෙනවා. විදර්ශනාවත් වැඩෙනවා. එතකොට එයාට පහසුයි. තව කෙනෙක් ඉන්ට පුළුවන් සමථ විදර්ශනා දෙකම පහසුවෙන් වැඩෙන්නේ නෑ. ඉතින් අන්න එයා බලවත් කැමැත්තක් උපදවා ගෙන වීරිය කරන්ට ඕනෑ සමථය විදර්ශනාව පුරුදුකර ගැනීම පිණිස. එයාට අනාගතේ යම් කලක ඒ සමථ විදර්ශනා දියුණු කරගන්ට අවස්ථාවක් උදා වෙනවා. සමථය විතරක් වැඩෙන කෙනාට විදර්ශනාවට හරවා ගැනීමෙන් පසු, සමථ විදර්ශනා දෙකම ඇතිකර ගන්නට එයාට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි විදර්ශනාව විතරක් වැඩෙන කෙනාට, ඒ විදර්ශනාවේ පිහිටල සමථයට හරවා ගැනීමෙන් පසු සමථ විදර්ශනා දෙකම පුරුදු කර ගැනීමට අවස්ථාවක් එනවා. ඉතින්, බොහෝ අයට මේ සමථය කියන්නෙ මොකක්ද? විදර්ශනාව කියන්නෙ මොකක්ද? සමථයේ සිට විදර්ශනාවට කොහොමද අප මාරු වෙන්නේ? විදර්ශනාවේ සිට සමථයට කොහොමද අප මාරු වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව තෝරාබේරා ගැනීමට දක්ෂකමක් හෝ හැකියාවක් හෝ වැටහීමක් හෝ දැනුවත් භාවයක් නැතුව තියෙන්ට පුළුවන් මෙන්න මේ සම්බන්ධව හොඳ වැටහීමක් නැතිව නිවන් මග පුරුදු කරගන්නට අමාරුයි. ඒ නිසා අප ඒ සම්බන්ධ හොඳ වැටහීමක් ඇතිකර ගත යුතුයි

සමථයෙන් කෙරෙන්නේ රාගය දුරුකරන එක. රාගය ප්‍රහීන කරන එක. සමථය කියල කියන්නේ සිත එකඟ කර ගැනීමයි. ඒ සඳහා එක් කුසල් අරමුණක සිත පැවැත්විය යුතුයි. ඒ සඳහා සුදුසු කුසල් අරමුණක් සිතේ පුරුදු කිරීම සමථ භාවනාවයි. විදර්ශනාවෙන් කෙරෙන්නේ අවිද්‍යාව දුරු කරන එක. විදර්ශනාව කියල කියන්නෙ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම පිණිස උපකාර කර ගන්නා වූ භාවනාවක්. රූපය කියන්නෙ මොකක්ද? රූපය හට ගන්නේ කොහොමද? රූපය නැති වෙන්නෙ කොහොමද? මේ ආදී වශයෙන් යථාර්තය අවබෝධ කර ගන්නට ඕනෑ. මේ ලෝකය හට ගන්නේ කොහොමද? ලෝකය නැති වෙන්නේ කොහොමද? මේ විදිහට ලෝකයේ යථාර්ථය හඳුනා ගැනීම පිණිස අවබෝධ කර ගැනීම පිණිස කරන භාවනාවලට විදර්ශනා භාවනා කියලා කියනවා. මේ වගේ යමක යථාර්ථය වටහා ගැනීම පිණිස, එහෙම නැත්නම් අවිද්‍යාව දුරුකරගෙන විද්‍යාව ඇති කර ගැනීම පිණිස හුරුපුරුදු කරගන්නා භාවනාවක් තමයි විදර්ශනා භාවනා කියල කියන්නේ.

සමහර භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ විදර්ශනාව විතරයි වැඩෙන්නෙ. ඉතින් මේව අප තෝරා බේරා ගන්නට ඕනෑ. ඉතින් යම් කෙනෙක් කලබල වුණොත්, හදිසි වුණොත්, මේවා තෝරාබේරා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඊළඟට තමන්ට සමථය වැඩෙනවාද? විදර්ශනාව වැඩෙනවාද සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගන්ටත් පුළුවන් වෙන්නේ නෑ. හදිසිවෙන කලබල වෙන කෙනාට, ඒ සඳහා හොඳ ඉවසීමක් නුවණක් වුවමනා කරනව. සිහිනුවණ උපදවගෙන, ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්ට නම්, අප තුළ මහත් වූ ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනෑ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් තියෙන්නට ඕනෑ. ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් නැති කෙනා කලබල වෙනවා. එයා විශ්වාස කරන්නෙ තමන්වයි. තමාගේ වැටහීම තමයි එයා විශ්වාස කරන්නෙ. ඉතින් ඒ නිසා තමා කෙරෙහි විශ්වාසය තියෙන කෙනා, කලබල වෙනව. එයාට තෝරබේර ගන්ට බැරුව යනව. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා, කලබල නොවී ඉවසීමෙන් යුක්තව යම් දහමක් ප්‍රගුණ කරන්ට පෙළඹෙනවා. දක්ෂ වෙනවා. විශේෂයෙන්ම ඒ පැහැදීම තියෙන කෙනා, කල්‍යාණ මිත්‍රයාගේ අවවාදය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නව. 

 තෙරැවන්සරණයි !

විදසුන් වැඩීම




ජීවිතය අනිත්‍යය අසාරය අසුභය



Share this page


free counters