භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ - භාවනා උපදෙස්













෴ භාවනා උපදෙස් MP3 ලෙස ෴

 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  



ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.






free counters