භාවනාව සඳහා යමෙක් යොමුවිය යුත්තේ සසරේ ඇති භයානක තත්ත්වය දැන ඉන් ගැලවීම පිණිස විය යුතුය. නමුත් කෙනෙක් භාවනා කිරීමට යොමුවන්නේ අනුන් කරන නිසා, විලාසිතාවක් ලෙස හෝ වෙනත් අයගේ අවධානය යොමුවීම පිණිස වැනි දෙයක් නම් නම් ඒ භාවනාවෙන් නියම ඵල ලබන්නට නොහැකි විය හැක. කෙසේ වෙතත් කුමන ආකාරයකින්වත් භාවනාව සඳහා යොමු නොවන්නන්ට වඩා ඔහු වාසනා වන්තය. මන්ද යම් අවස්ථාවක එම තැනැත්තා භවනාවේ වටිනාකම වටහා ගන්නා විට එම පුද්ගලයා කාලය අපතේ නොයවමින් භාවනාවේ යෙදීමෙන් මහත් වූ කුසලයක් රැස් කරගෙන ඇති නිසාවෙනි.
භාවනාවේ සමාධිය වැඩීම එක් එක් පුද්ගලයාට වෙනස් වේ. ඊට හේතුව සසර පුරැද්දය. මේ නිසා භාවනාවේ සසර පුරැද්ද ඇත්තේ කාටද කියා එක එල්ලේ කිව නොහැක. ඉතා හොඳින් සිල්වත් වූ පුද්ගලයකුට ඉක්මනින් සමාධිය පිහිටන්න වගේ ම එසේ නොවන
දුසිල්වත් අයකුට* වුව ඉක්මනින් සමාධිය පිහිටන්නට හැකියාව තිබේ. ඒ ආකාරයෙන් මේ දෙදෙනා අතර සිටින කවරෙකුට වුව සමාධිය පිහිටීම විවිධ මට්ටමේ පැවැතිය හැක. එබැවින් කිසිවෙකුත් අපට ඔව හරියන්නේ නෑ, අපට සමාධිය පිහිටන්නේ නෑ, අපි කරන කියන දේවල් නිසා අපට ඒ පින නෑ යනුවෙන් පසුගාමී නොවිය යුතුය. කිසි විටකවත් ඔබ ඔබ ගැන අවතක්සේරැ නොකළ යුතුය. සත්වයා උපදින ස්ථාන තිස් එකකින් සුද්ධාවාසයේ හැර ඉතිරි ස්ථාන තිහකම ඉපදී ඇති ඔබ සසරේ ඔබ නොවිඳපු දුකක් නැහැ. නිර්වාන සැපය හැර නොවිඳපු සැපක් නැහැ. මහා බ්‍රහම්මයා ලෙස බ්‍රහම්ම ලෝකයේ ඉපදීමෙන් සැප ලැබුවා සේ ම ඔබ සක්විති රජකම පවා ලැබූ වාර පවා ඇත. එසේ ම සසරේ ඔබ භාවනා කළ අවස්ථා ද ඇත. එසේ නම් ඔබටත් ලැබූ විරල මනුෂ්‍ය ආත්මය සසරෙන් එතෙරවීමට යොමු කර විපුල ඵල නෙලාගත හැක.
භාවනාවේ දී ඉතා වැදගත් වන්නේ ඔබේ සිහිය නුවන නියමාකාරයෙන් භාවිතා කිරීමයි. භාවනාවේ දී ඔබට නැති සිහියත් නුවනත් වර්ධනය වේ. මේ නිසා ඔබට ලොකෝත්තර සැපය මෙන් ම ලෞකිකවද ප්‍රතිලාභ ගනනාවක්ම ලැබේ. එබැවින් ඉගෙනගන්නා අයට භාවනාව නිසා මතකය වඩා හොඳින් තහවුරැ වේ. සිහි බුද්ධිය නිසි ලෙස පවතී. කුඩා කල පටන් මෛත්‍රී භාවනාව වැනි භාවනා වැඩීමත් තරැණ අවධියේ දී භාවනාව විවේක කාලය ගෙවීමට යොදා ගැනීමත් නිසා වයසින් මෝරන විට එම තැනැත්තාට භවනාවේ බොහෝ දුර යන්නට හැකි වේ. කෙසේ නමුත් වයස භාවනාවට බාදාවක් කර නොගත යුතුය.
ආධුනික යෝගාවචරයාට වඩා සුදුසු භාවනා ලෙස මුලින් භාවිත කළ යුතු භාවනා වන්නේ
බුද්ධානුස්සතිය
මරණානුස්සතිය වැනි භාවනාවන් ය.
යමෙකුට පිළිකුල් භාවනාව ද වැඩීම කළ හැකි නමුත් විවාහක හා විවාහ අපේක්ෂාව ඇති පුද්ගලයින් මෙම භාවනාව ගැඹුරින් නොවැඩිය යුතුය යන සමාජ මතය නිසා මෙම භාවනාව වැඩීම බොහෝවිට ලෞකික ජීවිතයට බාදාවක්යැයි මතයක් පවතී. අවබෝධයෙන් නිවැරදිව මෙම භාවනාව වඩන්නේ නමි ජීවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබන්න පිළිකුල් භාවනාව තරම් වෙනත් භාවනාවක් නැතිතරම් ය. එසේම තමන් අතින් සිදුවන බොහෝ වැරදි, අකුසල් වලින් මිදෙන්න ද මෙම භාවනාව උපකාර වේ. කෙසේනමුත් කවර භාවනාවක් වුව ඇරඹීමේදී මුලික ලෙස පිළිකුල් භාවනාව සිහි කළ යුතුය. මීට අමතරව ආනාපානසති භාවනාව ද මූලිකව වැඩිය හැක. නමුත් ආනාපානසති භාවනාව ගැඹුරෙන් වැඩීමට සහ ඉහත භවනා වැඩීමේන් ඔබ ලබන්නා වූ භාවනා ප්‍රගතිය යොදාගෙන විදර්ශනා වැඩීමට ගුරැ උපදෙස් මත යොමු විය යුතුය.
භාවනාව අද අපට වැදගත් වන්නේ ඇයි...? එක තත්ත්පරයක් හිතල බලන්න මේ ලෝකයේ ඔබට වටිනා ම සම්පත ලෙස සලකන්නේ මොනවද...? ඔබේ දරැවන් ඔබට ඇති වටිනා ම සම්පතනම් ඔබ ඔවුන්ට දිය යුතු වටිනා ම දායාදය වන්නේ නිවැරදි බුදු දහමයි. නිවැරදි ආර්ය මාර්ගයයි. බෞද්ධයන්ට **අනාගත ලෝකයේ විෂම අනාචාරයෙන් තම දුවා දරැවන් ගලවාගත හැකිවන්නේ ධර්මයේ පිහිට කොට මිස වෙනත් කිසිදු මඟක් ඒ සඳහා නැත්තේය. එවන් දෙයක් ඔබට දරැවන් වෙනුවෙන් දායාද කළ හැක්කේ ඔබ නිවැරදිව ධර්මය දකීනම් පමණි...ඔබ හොඳින් ධර්මය පුරැදු පුහුණු කර ඇත් නම් පමණි. හිතල බලන්න ඔබට දෙමාපියන්ගෙන් ලැබුන මේ බුදු දහම නිසා ඔබ මොනතරම් පවෙන් වැලකුනාද...? කුසලයේ යෙදුනාද...? එසේ ම ඔබට දෙමාපියන්ගෙන් නොලැබුන නිවැරදි ධර්ම කරැණු, පුරැදු නිසා ඔබට මොනතරම් කුසල් ප්‍රමානයක් අහිමි වෙන්න ඇද්ද...? ඒ අඩුව ඔබ ඔබේ දරැවන්ට දායාද නොකල යුතුයි. ඔබ නිවැරදි දේ පුරැදු පුහුණු කරයිද, ඔබේ පුණ්‍යවන්ත වූ පුරැදු, ආදර්ශ, දැනුම නිරන්තරයෙන් ම ඔබේ දරැවන්ට දායාද වේවි. එය නිවන් දකිනතුරා ඔබේ දරැවන්ට සසරේ අතරමං නොවීමට ඔබෙන් ලැබෙන නිර්මල දායාදයක් වේවි. ඔබට මේ ධර්මය දකින්න ඇති කාලය බොහොම ටිකයි. බුද්ධියත් නුවනත් මෙහේවා අනාගතය දකින්න. අනාගතේ
යළිත් මේ පොළවේ අපට ධර්මය දකින්න ලැබේයැයි යන විශ්වාසයට කිසිදු ලකුණක් ඇත්තේ නොවේ.
මාර්ග සමාධිය...